top of page

Heart of the Knuckles Mountain Range - Duwili Ella water fall


දූවිලි ඇල්ල කියූ සැනින් අපට විවිද ප්‍රදේශ වල මෙම නම ඇති දිය ඇලි මතක් උවත් මෙවර අප ගමනාන්තය වූ දූවිලි ඇල්ල තරමක් විශේශිත එකක් කිව්වොත් මා නිවැරදියි. කවුරුත් අසා ඇති නකල්ස් වනයේ එක් පසකට වන්නට හොර රහසේ පිහිටා ඇති මෙම අලංකාර දිය ඇල්ල සොබාදම් මාතාවගේ අපූර්ව නිර්මානයකි.


ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරකෂිත වනාන්තරය මෙම දුම්බර (Knuckels) වනපෙතයි. 2000 මැයි මස 5 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති මෙම වනාන්තරයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 21000 (අක්කර 52500) ක් පමණ වේ. දල වශයෙන් වර්ග කි.මී. 234 ක් පූරා වනාන්තරය පැතිර පවතී. මෑතකදී යුනෙස්කෝව විසින් මෙය ලෝක උරුමයක් ලෙසද නම් කරන ලදී. නකල්ස් වනයේ අඩි 3000 ඉහළ කලාපයේ හොඳින් හඳුනාගත හැකි කඳුමූදුන් 35 ක් පවතින අතර, එහි කඳුවැටි ගණන 17 ක් පමණ වේ. උසම කඳුමූදුන වන “ගොම්බානීය” (අඩි 6248) හා "නකල්ස්” අඩි 6112 වේ. මෙම කඳුවැටි නිරතුරුව මිහිදුමෙන් (හෝ වළාකුළෙන්) බරව පවතින බැවින් අතීතයේ පටන් “දුම්බර” (දුමින් බර) ලෙස හා බට වර්ගවලින් පොහොසත් බව අනූව “බටදඬූ කඳුවැටිය” ලෙස හා බටඅඩූ කන්ද” ලෙස ගැමියන් දුම්බර හඳුන්වා ඇත. වයඹ සිට ගිනිකොණ දිශානූගතව විහිදුණූ ප්‍රධාන කඳුවැටියකින් සහ ඊට යාවූණූ ලම්බකව විහිදුණූ කඳුපන්ති තුනකින්ද, ඊට යාවූණූ එහෙත් ප්‍රධාන කඳුවැටියටම සමාන්තරව විහිදුණූ තවත් කඳුපන්ති කිහිපයකින් දුම්බර කඳුකරය සමන්විත වේ. ප්‍රධාන කඳුවැටිය ලග්ගල සිට ඌරුගල දක්වා සැතපූම් 12 ක් පූරාවට දිවෙන අතර එහි පිහිටි කඳුමූදුන් අතර කවූඩාගම්මාන (අඩි 4970) කිරිගල්පොත්ත (54031) ගොම්බානීය (6248) නකල්ස් (6112) කොබෝනීලගල (5098) දෝතළුගල (5164) ප්‍රධාන වන අතර ප්‍රධාන වැටියෙන් ඉවතට දිවෙන කඳුවැටි අතරේ වන්නිමාන (5110) ලකේගල (4324) කළුපහන (5341) දුම්බානාගල (5389) කෙහෙල්පොත්දොරුව (5016) ගල්තුන (3787) ප්‍රධාන වේ.

කොලබ කොටුවෙන් ආරම්බ කල අප ගමනේ පලමු දිනයේ අවසානය සටහන් වූයේ පුංචි දූවිලි ඇල්ල අසලින්. දිය ඇලි 12 ක් පමන සාදනා මෙම දිය පහරේ ඇති තවත් විශේශිත දිය ඇල්ලක් තමයි මෙම පුංචි දූවිලි ඇල්ල. උසින් මීටර විස්සක් පමන වන මෙම දිය ඇල්ල අසල පිහිටා ඇති පැතලි ගලක් අපගේ පලමු දින නාවාතැන ලෙස යොදා ගත්තෙමු.

මධ්‍යම පළාතට අයත් මහනූවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකටම අයත් වන නකල්ස් රක්ශිතයේ දිස්ත්‍රික් මායිම දිවෙන්නේ කඳුකරයේ උස් කඳු මූදුන් මතිනි. මෙහි සමස්ත භුමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ එනම්, හෙක්ටයාර් 6200 ක් අක්කර (15,500) පමණ මාතලේ දිස්ත්‍රික්කයට අයත්වන අතර ඉතිරිය එනම්, හෙක්ටයාර් 12500 (අක්කර 31300) ක් පමණ මහනූවර දිස්ත්‍රික්කයට අයත් වේ. මහනූවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොටිඨාස හතරටද, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගමූව යන ප්‍රාදේශීය ලේකම් කොටිඨාස පහටද දුම්බර කඳුකරය ව්‍යාප්තව පවතී. නක්ල්ස් ප්‍රධාන කඳුවැටිය ඊසාන දිග සහ නිරිතදිග මෝසම් සූළං දෙකටම සෘජූ බාධකයක්ව පිහිටා ඇති බැවින් මෝසම් දෙකෙන්ම දැඩි වර්ෂාපතනයක් කඳුකරයට ලැබේ. උස් කඳු ශිඛර මිහිදුම් බාධක සේ ක්‍රියාකරන බැවින්, වායූගෝලීය ජල වාෂ්ප උරාගැනීමේ යාන්ත්‍රණයද හොඳින් සිදුවේ. මෙනිසා දුම්බර කඳුකරය ඉහළ ජල පෝෂණයකට හිමිකම් කියයි. මෙනිසා මහවැලි ජල පෝෂක ප්‍රදේශයේ වැඩිම දායකත්වය සපයනූ ලබන්නේ දුම්බර කඳුකරය මගිනි. මහවැලි ජල කඳේ 33% ක් දායකත්වය දුම්බර කඳුකරය සපයයි. මෑතකදී සදා නිම කිරිමට නියමිත මොරගහකන්ද ජලාශයට වතුර සපයන්නේද නකල්ස් රක්ශිතයේ ඇති මෙම දිය උල්පත් වලිනි. වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500 – 5000 ත් අතර සාමාන්‍යයකි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5.5 සිට 35 දක්වා පරාසයක විහිදේ. නිරිත දිග මෝසම් සූළං වියළි කලාපය දෙසට හමායන්නේ ප්‍රධාන කඳුවැටියේ සූළං කපොලු මගිනි. රිවස්ටර්න් බටඅඬූව කපොල්ලත්, කොබර්ටිස්ගැප් (අටිටලමෙටිටූව) කපොල්ලත් ඉතා ප්‍රකටය සුලන් කපොලු වේ. සූළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 7.2 කි. මාස හයක් වර්ෂාවත් ඉතිරි මාස හය සූළඟත් දුම්බර කඳුකරයට පවතින බව පිළිගැනීමයි.

දුම්බර කඳුකරය තිඹිරිගෙය කරගත් ගංගා තුනකි. ඒ හූළු ගඟ, හීං ගඟ සහ කළු ගඟයි. කළු ගඟ අඹන් ගඟට එකතුවී මහවැලියට එකතුවන අතර, හූළු ගඟ හා හීං ගඟ සෘජූවම මහවැලියට එකතු වේ. මේ හැරෙන්නට, හසලක ඔය, තෙල්ගමූඔය, හීං ඔය, කරඹකැටිය ඔය වැනි තවත් දිය දහරා රැසක් දුම්බර කඳුකරයෙන් ආරම්භව ගලා එයි. දුම්බර ඇල්ල, උඩ දූවිලි ඇල්ල, වැද්දාපැනි ඇල්ල, සේරැල්ල, දියකැරැල්ල, මීමුරේ ඇල්ල, රත්නින්දඇල්ල, කළුපහනඇල්ල, හූළු ගඟ ඇල්ල, රත්න ඇල්ල, බඹරැල්ල වැනි දිය ඇලි කිහිපයකින්ම දුම්බර කඳුකර වනාන්තරයේ අගය වැඩිවේ.

පසු දින අවදි වූ අප ගමනේ විශේශිත ස්තානය වූ දූවිලි ඇල්ල සොයා ගමන් ඇරබීය. නකල්ස් දූවිලි ඇල්ලේ විශේශත්වය නම් එම දිය ඇල්ලේ වතුර පාරට පිටුපසින් ගුහාවක් පිහිටා තිබීමයි. එම ගුහාව තුලින් දිය ඇල්ල පිටු පසට ගමන් කල හැකි අතර අප ගමනේ දෙවන දින රාත්‍රිය අප එම ගුහාවේ ගෙවා දැමූහ. ඉතාම සුන්දර ස්තානයක පිහිටි මෙම ගල්ගුහාවේ රාත්‍රිය ගතකිරීම හරිම සුන්දර අත්දැකීමකි. ගල්ගුහාවට ඉහලින් දූවිලී ඇල්ල කඩාහැලෙන අතර, ඉදිරියෙන් වල්පොලමුල්ල හා රිවර්ස්ටන් මානයේ කදුපන්ති අලන්කාරව දිස්වේඅප එතනින් ගමන නතර නොකොට ගුහාව හරහා දිය ඇල්ලේ අනික් පසට ගොස් ඉතාමත් දුශ්කර වූ මාර්ගයක් ඔස්සේ දූවිලි ඇල්ල මුදුනට නැගගත්තේය.

ලෝක සංරක්ෂණ සංගමය මගින් සිදුකර ඇති අධ්‍යයනවලට අනූව කුල 141 කට අයත් සපූෂ්ප ශාක විශේෂ 1033 ක් මෙම වනාන්තරයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර වෘකෂමය ශාක විශේෂ 225 ක් පවතී. ඉතිරිය පඳුරු හෝ පැළෑටිය. ලංකාවෙන් වාර්තාවන සමස්ත ශාක විශේෂ අතුරින් ආවේණික ප්‍රතිශතය 27.4% කි. දුම්බර වනාන්තරයෙන් පමණක් වාර්තා වන ආවේණික ශාක ප්‍රතිශතය 17.3% ක් වීම මෙම වනාන්තරයේ වැදගත්කම කියාපාන මනා සාධකයකි. ලංකාවෙන් වාර්තා වන පෘෂ්ඨවංශික විශේෂ 841 ක් අතුරින් විශේෂ 269 ක් දුම්බරින් වාර්තා වේ. එය 32% ක ප්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශික සත්ව විශේෂ 285 අතරින් විශේෂ 13 ක් දුම්බර කඳුකරයෙන් පමණක් වාර්තා වීම සූවිශේෂීතම කාරණයකි. දුම්බර කඳුකරයේ අද්විතීයත්වය කියාපාන තවත් එක් සාධකයක් ලෙස එය සැලකේ. මෙය ලංකාවට ආවේණික පෘෂ්ඨවංශික විශේෂවලින් 4.6% ක ප්‍රතිශතයකි.

ලංකාවට ආවේණික පෘෂ්ඨවංශික 285 දෙනා අතරින් විශේෂ 88 ක්ම දුම්බරින් වාර්තා වන අතර එය 30.9% ක ප්‍රතිශතයකි. මීට අමතරව ආවේණික සමනළ විශේෂ 5 ක් ඇතුළු විශේෂ 60 ක් මෙයින් වාර්තා වේ. උභය ජීවීන් විශේෂ 28 ක් වාර්තා වන අතර ඉන් 19 ක් ක් ආවේණිකයින් වන අතර, උරගයින් 54 දෙනකු අතරින් 24 දෙනකු ආවේණිකයන් වේ. මත්ස්‍යයන් විශේෂ 28 ක් අතරින් දුම්බර කඳුකරයේ ආවේණිකයින් 9 දෙනෙකු වෙසේ ආවේණික පකෂීන් විශේෂ 30 ක් ඇතුළුව විශේෂ 128 ක් වාර්තා වන අතර වාර්තා වන කෂීරපායින් 31 දෙනකු අතරින් හය දෙනකු ආවේණික විශේෂ වේ. උභයජීවීන් අතරින් 7 දෙනෙකුද, උරග විශේෂ 3 ක් හා මත්ස්‍ය විශේෂ තුනක් (3) දුම්බර කඳුකරයෙන් පමණක්ම වාර්තා වන විශේෂ වේ. ඒ, දුම්බර පඳුරු මැඩියා, හොන්මාන්ගේ පඳුරු මැඩියා, විශාල පා ඇති පඳුරු මැඩියා, මූරිගේ පඳුරු මැඩියා, ස්ටෙයිනර්ග් පඳුරු මැඩියා, ස්ටූවර්ටිගේ පඳුරු මැඩියා සහ දුම්බර ගල්පර මැඩියා යන උභයජීවී විශේෂත්, දුම්බර ගල්පාඬියා, මල්පෙතියා හෙවත් දන්කුඩූ පෙතියා සහ දුම්බර පෙතියා යන මත්ස්‍ය විශේෂත්ය. සිව්පා උරඟුන් අතරින් දුම්බර අඟ කටූස්සා හෙවත් පත්‍ර අඟ කටූස්සා,

දුම්බර අඟ කටූස්සා / පත්‍ර අඟ කටූස්සා

දුම්බර කුරුකටූස්සා හෙවත් දුම්බර කුරු බෝදිලිමා සහ දුම්බර මහ කැළෑහූනා මෙම වනාන්තරයට පමණක් ආවේණික වේ. මීට අමතරව ලංකාවට ආවේණික පකෂි විශේෂ 33 අතරින් 30 ක්ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. මයිලගොයා, ගුරුකොණ්ඩයා, ලංකා අරංගයා, ලංකා හම්බූකුරුල්ලා, අඳුරු නිල් මැසිමාරා, කඳුකර මල්කුරුල්ලා, කැහිබෙල්ලා වැනි ආවේණික පකෂීන් මෙහි හොඳින් නිරීකෂණය කළ හැකිය. සංක්‍රමණික පකෂි විශේෂ 10 ක් පමණ ද මෙහිදී වාර්තා වේ.


දුම්බර වනපෙත හෙවත් නකල්ස් කඳුවැටිය ඉපැරණි රාවණ රජූගේ බලපරාක්‍රමය පැතිර තිබූ රාජධානිය ලෙස සැලකේ. ඒ සඳහා පැහැදිලි සාධක නැතත්, දුම්බර වනපෙතේ පිහිටි ග්‍රාමනාම, පර්වත හා කඳු, ගුහා, වෙනත් භූ පිහිටීම් යනාදිය රාවණ රාජධානියට සම්බන්ධ බව කියනූ ලැබේ. වනපෙතේ හූදකලා ගම්මාන වන දන්දෙණි කුඹූර, පොත්තටවෙල, කහගල, දම්මන්තැන්න, දිවූල්ගස්පතන, ඇටන්වල, වැස්මූල්ල, රඹූක්ඔළුව, උඩගල දෙබොක්ක, ගලමූදුන, මීගහමඩ, මැදකැලේ, මීමූරේ, කයිකාවල, ගෝමරේ, වඩවලකන්ද, නෙල්ලිකැළේ, නාරන්ගමූව, වල්පොලමූල්ල ආශ්‍රිතව බැඳුණූ ජනප්‍රවාද මේ පිළිබඳව තවදුරටත් කරණූ කාරනා කියයි.


ලංකාවේ පරිසර පද්දතිය වේගයෙන් විනාශ වී යන මෙවන් කාලයකදී ඔබගෙන් ඉල්ලා සිටින්නේ පරිසරය විනාශ කරන්නේ නැතුව එය රැක බලාගන්නා ලෙසයි. ඔබ හුස්ම ගන්නා එක හුස්ම පොදක් පාසා ඔබ පරිසරයට ස්තූති විය යුතුයි. ඉතින් මිහි මවට ඔබ අවැසිය..., පරිසරය රැක ගැනීමට පෙලගැසෙමු. මතකයන් පමනක් ඉතිරි කර ගෙනියන සියලු දේ රැගෙන එන්න වග බලාගන්න.


Featured Posts
Recent Posts
Archive
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page